Friday 1 July 2011

ආදරය යනු කුමක්ද....

                                              
                                                                     

    සියවස් ගානක ඉඳන් මිනිස්සු උත්තර හොයන ප්රශ්න ගණනාවක් තියෙනවා... සත්තු ගහකොළ අප අවට පරිසරයේ ඇති දේ ඇතුළු විශ්වයේ සියලු දේ ඇති උනේ, එහෙමත් නැත්නම් පටන් ගැනීම සිදු උනේ කොහොමද.... විශ්වයේ ඉමක් කොනක් තියෙනවද... මරනින් පස්සේ මොකද වෙන්නේ වගේ ප්රශ්න.. මේවලට උත්තර හොයන එක ලේසි නැහැ.. මේ වගේ දේවල් වලට උත්තර හොයන්න විද්යාත්මක ක්රමවලින් දැනට පුළුවන් කමක් නැහැ.. බුදුදහම, වෙනත් ආගම් ඇතුළු අවිධ්යත්මක ඉගැන්වීම් වලින් තමයි මේ දේවල් වලට උත්තර දැනට ඉදිරිපත් වෙලා තියෙන්නේ.. කොහොම උනත් මේ ලිපියේ අරමුණ ඔය කලින් කියපු බැරෑරුම් ප්රශ්න වලට උත්තර හොයන එකනම් නෙවෙයි.. හැබැයි ඔය ප්රශ්න ඇතුලත් වන ගොනුවේ(category) උප ගොනුවකට(subcategory) ඇතුලත් කරන්න පුළුවන් තවත් ප්රශ්නයකට උත්තර හොයන්නයි මේ හදන්නේ...ප්රශ්නය තමයි "ආදරය කියන්නේ කුමක්ද?" කියන එක..
   
    මෙතැනදී ආදරය කියල මම අදහස් කලේ බොහොම දෙනා දන්නා තරුණයෙකුත් තරුනියකුත් අතර ඇතිවන ආදරය.. මේ වගේ ආදර අත්දැකීමකට බොහෝදෙනා අඩුම තරමින් ජීවිතයේ එක වතාවක් වත් මුහුණ දීල ඇති.. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??? මේ ප්රශ්නය ඔය ආදරය කරනවා සහ කරා කියන අයගෙන් ඇහුවොත් ඇත්තටම අයට ප්රශ්නයට ගැලපෙන විදිහේ උත්තරයක් දෙන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ... යාලුවෝ කීපදෙනෙක්ගෙන් මේ ගැන මම ඇහුවත් කිසිම කෙනෙකුට සැලකිය යුතු මට්ටමක උත්තරයක් දෙන්න පුළුවන් උනේ නැහැ..
    මේ කරණය ගැන උත්තර හොයන්න උපදෙස් ගන්න පුළුවන් වෙන්නේ අපේ චාර්ල්ස් ඩාර්වින් මුත්තාගෙන්.. ඩාර්වින්ගේ සොයා ගැනීම වලට අනුව මිනිසා පැවත එන්නේ වානරයන්ගෙන්.. කියන්නේ අද ඉන්න මිනිසා තවත් එක සත්ව කොට්ටාශයක් කියන දේ.. සත්වයන්ගේ පැවැත්ම තහවුරු කරන්න ප්රජනනයට ස්වභාව දහමින් ඔවුන්ව යොමු කරනවා.. මිනිසුන්ටත් මේ කාරණය පොදුයි.. සත්තුන්ගේ ලිංගික සම්බන්ධතා ඇති කරන්න උදව් වෙන දේ කියන්නේ පිරිමි සතෙකුත් ගැහැණු සතෙකුත් එක් කරන්න උදව් වෙන දේ තමයි උන්ගේ තියෙන තියෙන බාහිර පෙනුම..එහෙමත් නැත්නම් උන්ගේ ලිංගික සම්බන්දත වලට තියෙන ශාරික හැකියාව.. සත්තුන්ට වගේම මේ කාරණය තවත් සත්ව කොට්ටාශයක් වෙච්ච මිනිසුන්ටත් පොදුයි...
    මේ ඇතිවෙන ලිංගික ආකර්ෂණයට අපි පාවිච්චි කරන නම තමයි ආදරය කියන එක.. ආදරය ලිංගික ආකර්ශනයක්ම විතරයි...ලිංගික ආකර්ශනයක් ඇතිවෙන්න නම් අනෙක් පුද්ගලයා ආකර්ශනීය කෙනෙක් විදිහට දකින්න ඕන.. ඒකනේ අපේ කෙල්ලන්ට, ලස්සනට හැඩට ඉන්න කොල්ලන්ටත් ,කොල්ලන්ට ලස්සනට හැඩට ඉන්න කෙල්ලන්ටත් විතරක් ආදරය ඇතිවෙන්නේ.. මමත් කොල්ලෙක් නිසා මම දන්නවා මටනම් ලස්සන කෙල්ලෙකුට ඇරෙන්න කොයි වෙලාවකවත් ආදරයක් ඇතිවෙන්නේ නැහැ....මේ ලිපිය කියවන අයටත් පුළුවන් අවන්කවම හදවතින් අහල බලන්න ඇත්තටම තමන් අකර්ශනීයයි කියල හිතෙන කෙනෙකුට ඇරෙන්න ආදරයක් ඇතිවෙනවද..? ඊළඟ කාරණය තමයි ආදර සම්බන්දයක් පටන් ගත්තට පස්සේ ආදරවන්තයෝ දෙන්නටම ඕනේ වෙන ඊළඟ දේ මොකක්ද...??? සිප වැළඳ ගැනීම් වලින් පටන් අරගෙන පුර්ණ ලිංගික සම්බන්දයක් ඇති කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි ආදරය ප්රකාශ කරාට පස්සේ ආදරවන්තයෝ කල්පනා කරන්නේ.... දෙදෙනා අතර ප්රකාශ කරගන්න අදහස් වලත් ඇතුලත් වෙන්නේ ඍජුව හෝ වක්රව ලිංගිකත්වය... අපි බැන්දට පස්සේ බබාල කීයක් හදනවද.. පුතාල කීයද දුවල කීයද... මේ වගේ බොළඳ වචන වලින් වැහුණු ලිංගිකත්වය... විවාහ උනාට පසේ ආදරය කියල අමුතු දෙයක් විදිහට හැංගිලා තිබුන ලිංගිකත්වය කෙලින්ම කරලියට එනවා.. විවාහයෙන් පස්සේ තියෙන්නේ ලිංගිකත්වය විතරයි.. ලිංගිකත්වයේ තියෙන ඊළඟ ප්රශ්නය තමයි එකම පුද්ගලයාගෙන් සැහීමකට පත්වෙන්න බැරි කම... විවාහයකින් ටික කාලෙකට පස්සේ වෙනත් රහස් සම්බන්දත ඇතිවෙන්නෙත් මෙනිසා තමයි... ඔය නෙහාරලට එහෙම උනේ....
    ඉතින් අවසාන වශයෙන් එන්න තියෙන නිගමනය තමයි ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන ලිංගික ආකර්ෂණය කියන එක....වෙන කිසි දෙයක් නැහැ... කැමති නැහැ නේද ඒක පිළිගන්න එත් තිත්ත ඇත්ත එකයි...කැමතියි ඔයාලගේ අදහසුත් දැනගන්න.....

7 comments:

  1. එක අතකට මෙහෙම හිතන එකත් හරි. නමුත් ආදරයට ලිංගිකත්වයෙන් විතරක්ම අර්ථකතනය කරන්න බෑ.

    ReplyDelete
  2. @මධුරංග
    බොහොම ස්තුත්යි උදව්වට.. කියපුවයින් අලුත් සින්ඩි දෙකක රෙජිස්ටර්
    උනා..

    ReplyDelete
  3. @මධුරංග
    ගොඩක් අය කියන කතාව ඕකම තමයි. මමත් මුලින්ම ආදරය කරනකොට හිතුවේ ඔහොම තමයි. මම, ආදරය ලිංගිකත්වයයි කියන නිගමනයට ආවේ පේන්න තියෙන සේරම කරුණු සලකල බලලයි..ආදරය ලිංගිකත්වය නොවෙයි නම් වෙන මොකක්ද කියල කියන්න පුලුවන්ද?

    -මොතා

    ReplyDelete
  4. ම්ම්ම්... උඹේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ සහෝ. උඹ කියන විදියට ආදරේ ප්‍රාතමිකම අවස්ථාව ප්‍රජනනය සඳහා ඇතිවෙන අවශ්‍යතාවය තමයි. ඒක සත්තුන්ට නම් සීයට සීයක්ම හරි. ඒත් මිනිස්සු ගැන සලකද්දි ඒකෙ ඊට වැඩිය දෙයක් තියනව. මිනිස්සු ශාරිරිකව පරිණාමය වුනා වගේම මානසික වශයෙනුත් පරිණාමය වුනා. ආදරේ වගේ සංකීර්ණ හැඟීම ඇතිවෙන්නෙ එතකොට. සහෝ කියන විදියට ආදරය කියන්නෙ ලිංගිකත්වය විතරක් නම් අපි එක්කෙනෙකුටම ආදරේ කරන්න ඕන නෑ නෙ. අපි බඳින්න ඕනත් නෑ නෙ. අහුවෙන අහුවෙන කෙනත් එක්ක ඒ වැඩේ කරගෙන නිකන් ඉන්න පුලුවන් නෙ. එතන ලිංගිකත්වයට වඩා වැඩි දෙයක් තියන නිසා තමයි අපි හැමදාම එක්කෙනෙක් එක්ක විතරක් ඒ දේ කරන්නෙ. සත්තුන්ගෙන්ම පැවතුනත් සත්තුන්ට වැඩිය මිනිස්සු එතනදි වෙනස් නේද? ඒ මොකද මිනිස්සු ඊට වඩා මානසිකව උසස් නිසා. ඒ නිසා ඔය කතාව මිනිස්සුන්ට ගැලපෙන්නෙ නෑ මම හිතන්නෙ.

    ReplyDelete
  5. ඔය කියන ආදරය ඇතිවෙන්නේ එක් කෙනකුට විතරක්ද???? එළිපිට කීප දෙනුකට ආදරය නොකරන්න හේතුව අපේ වටපිටාව ඒකට ඉඩ නොදීම මිසක් ඔය කියන ආදරය ඇතිවෙන්නේ එක්කෙනුකුට විතරක් නිසා නෙවෙයි. විවාහයත් එහෙම දෙයක්.විවාහය ගැන ලොකු විස්තරයක් කරන්න පුළුවන්. එක කමෙන්ටුවකින් කරන්න අමාරුයි. අපිම හදාගත්තු සංස්කෘතිය, සදාචාරය, නීති රීති නොතිබුනානම් බලන්න තිබුනා මනසින් උසස් අයගේ වැඩ..

    -මොතා

    ReplyDelete
  6. ලකී ගේ අදහස20 July 2012 at 01:12

    එහෙම වෙන්න බැහැ මචං මොකද දන්නවද?
    කෙනෙක් ගැහැණු හෝ පිරිමි පාර්ශවයක් බලාපොරොත්තු වෙන්නේ ඔබ කියන ආකාරයට ලිංගික ආකර්ෂණය නිසාම නොවෙයි.එකේ ගොඩක් වෙනත් පැතිකඩක් තියෙන බවට ඔබ වටහා ගත යුතුයි.
    මම මෙහෙම කෙටියෙන් කියන්නම්,
    ආදරය කියන වචනය හැමෝටම එකීය දෙයක් ඒ කියන්නේ නිකම් වචනයක් විතරයි.නමුත් සිතට ඇතිවන ඒ හැංගීම ඇතුලේ අපිට එකිනෙක වෙනුවෙන් කියා ගන්න බැරි ගොඩක් දේවල් තියෙන බවට පිළිගත යුතුයි.අපි හැමෝටම කරන්නේ අදරේ,අම්මට,තාත්තට,නංගිට,මල්ලිට,අක්කට,අයියට ඔය වගේ හැමෝටම කරන්නේ ඒ දෙය තමා එහෙනම් ඔයා පිළිගන්න ඕනේ ආදරය කියන්නේ ලිංගිකත්වය පමණක්ම නෙමේ කියල ඒ මොකද මම කලින් කිවුවා වගේ අපේ අයට ආදරය කරන විවිදාකාර තියනවා.අපි අපේ ප්‍රේමවන්තියට ආදරය කරන විදියට අම්මට,තාත්තට,නංගිට,මල්ලිට,අක්කට,අයියට අදරේ කරන්නේ නැහැ.මේ එකෙක්කෙනට ආදරේ කරන ආකාර වෙනස් වෙනවා.

    ReplyDelete