Friday 15 July 2011

මොතගේ අලුත් ගේ!!

තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා මොතාගමනය බ්ලොග් අඩවිය wordpress.com හි ප්‍රතිස්ථාපනය කරන ලදී. මින් පසුව සියලු නව ලිපි පළවන්නේ mothagamanaya.wordpress.com වෙබ් අඩවියෙහිය. මෙතනින් යන්න.


Thursday 14 July 2011

පරීක්ෂා කිරීම

පරීක්ෂා කිරීම 1

මොතාගමනය

පරික්ෂ කිරීම අංක එක..

Tuesday 12 July 2011

ගුරුවරු දෙවිවරු සහ වෘකයෝ






ත්රාසයට පත් මුහුණින් යුතුව මා දෙසට දිව එන පන්ති නායකයා දුටු මගේ සිත එක් වරම කැළඹී ගියේය..ඔහු පාසලේ බහුතරයක් ගුරුවරුන්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ්යයෙකු විය.පන්තියේ මෙන්ම පාසල තුලත් අංක එකේ අමාරුකාරයන්ගේ ගොඩට වර්ගීකරණය වී සිටි මා ඔහුගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බවට පත් ඌයේ කෙසේදැයි අදත් මට ප්රේහෙලිකාවකි.. "මචං වැඩේ ගැස්සිලා..!!!" . ඔහුගේ ප්රකාශයත් සමගම , උදැසන මා කල වීරක්රියාවේ ප්රතිපල බුක්තිවිඳීමේ සුභ මොහොත එළඹ ඇති බව මට වැටහිණි.උදෑසන සිදුවූ සිදුවීමෙන් පසු පැය කිහිපයක් කිසිඳු කැලඹීමකින් තොරව ගතවී තිබු නිසා මා සිතුවේ කතාව සුඛාන්තයක් වනු ඇති බවයි.මිත්රයාගේ ප්රකාශයෙන් පසු, මා සිට ඇත්තේ අභ්යන්තරයෙන් ලෝදිය කැකෑරෙන යමහලක් මත බව මට පසක් විය.පන්තියේ සියලු දෙනාම විදුහල්පති කාර්යාලය ඉදිරිපිටට කැඳවන ලෙස නායකයාට උපදෙස් ලැබී තිබුණි.මිනිත්තු කිහිපයකින් පසු අප සියල්ලෝම සිටියේ විදුහල්පති කාර්යාලය ඉදිරිපස පෙළ ගස්වාය.තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු සමග ඉදිරියට පැමිණි විදුහල්පතිවරයා "මොතා" කව්දැයි විමසන ලදි.මා හට ඉදිරියට තබන්නට හැකි වුයේ එක් පියවරක් පමණි.ඉදිරියට පැමිණි විදුහල්පතිවරයා ඇතුළු අනෙක් ගුරුවරු තිදෙනා මාහට දිගට හරයට අතින් පයින් පහර දෙන්නට විය.කිසිදු ප්රශ්න කිරීමක් නොවිණි.සිදු ඌයේ අමානුෂික පහර දීමක් පමණි.

මේ මා හට පාසලේදී අත්විඳින්නට සිදුවූ සත් සිදුවීමකි.මෙවැනි විශාල අප්රසන්න සිදුවීම් රාශියක් මාගේ පාසල් ජීවිතයේ අසුන්දර මතකයන් ගොන්නේ ඇත.අප රටේ බහුතරයකට මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවාට සැකයක් නැත.පාසල් ගුරුවරුන්ගේ නියම ස්වභාවය මෙයයි.

පාසල් ගුරුවරුන්ට යනු සමාජයේ අසාර්ථකම පුද්ගලයන් ගොන්නකි.සැලකිය යුතු අද්යාපන මට්ටමක් නැත.ඇතොත් ඇත්තේ පතෝල ඩිප්ලෝමාවකි.නැත්නම් එලොවටත් නැති මෙලොවටත් නැති උපාධි කට්ටකි. මේවාට 'ගුරු' කම(වෘර්තිය යන වචනය නොගැලපේ) හැර වෙන රැකියා ලැබෙන්නේ නැත.මේ කාරණය නිසාම සමාජයේ කොතරම් පිළිගැනීමක් තිබුනත් තමන්ගේ හර්දසාක්ෂිය අනුව තමන් නුසුදුස්සෝය යන වගේ ඔවුන් දනී.එම නිසාම මානසික අසහනයකින් පෙලේ.මෙහි අනිටු විපාක වලට මුහුණ දෙන්නේ අවසාන වශයෙන් අහිංසක පාසල් ශිෂ් ශිෂ්යාවන්ය. වරදක් කරන ශිෂ්යන් ශාරීරික හිංසනයට ලක් කිරීම කිසි සේත්ම අනුමත කල නොහැක.දරුවන් මල් වගේය.වැරදි කලවිට ඔවුන්ට ආදරයෙන් වැරැද්ද නිවැරැද්ද කියාදිය යුතුය. දඬුවම් කල යුත්තේ වැඩිහිටියන්ටය. මන්ද, හොඳ නරක තමන්ටම තේරුම් ගත හැකි වයසට පැමිණ සිටියත් වැරදි කරද්දී බන කියා වැඩක් නැත.අත දිග හැර කන පැලෙන්න දිය යුතුය.ගුරුවරුන් ශිෂ්යන්ට පහර දෙන්නේ තමන්ගේ මානසික තෘප්තිය සඳහාය."හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයත් හරියන්නේ නැහැ" යයි මහා පඬිවරයකු ලෙස දෙසු ගුරු සූකරයකු මගේ සිහියට නැගේ.බහුතරයක් ගුරුවරුන්ගේ මානසිකත්වය මෙයයි.හොද්දකත් දරුවකුගේත් වෙනස මොවුන්ට නොතේරේ.

නමුත් සමාජයේ මතය කුමක්ද? අතිමහත් බහුතරයකට ගුරුවරු දෙවිවරුය. තමන්ගේ දරුවන්ට පාසල් තුලදී ශිදුවන ශාරීරික හිංසනයන් ගැන වගක් නැත.පාසල් දරුවන් අනාගතයේ මානසික රෝගීන් බවට පත් කිරීමේ ක්රියාවලියකට තමන්ද දායකත්වය ලබාදෙන බව ඔවුන්ට අවබෝදයක් නැත.පාරේ තොටේදී ඇඟේ හැප්පුනත් කෙලගන්නට එන , හොස්ස ලඟින් මැස්ස යන්නට බැරි මිනිසුන් අපට අද සමාජයේ දකින්නට ලැබෙන්නේ මේ නිසාය.අනාගතයේ සුන්දර මිනිසුන් බිහිකිරීමට පාසල් ශිෂ්යන්ට සුන්දර පාසල් දිවියක් ලබාදිය යුතුය.එම නිසා බැටළු හැම පොරවාගත් වෘකයන් වන් පාසල් ගුරුවරුන්ගෙන් අහිංසක දරු පැටවුන් බේරා ගැනීමට, සමාජයේ මුල් බැසගත් හණමිටි අදහස් වෙනස් කිරීමේ මතවාදී අරගලයකට එක් වීම අප සැමගේ යුතුකමකි.