Saturday 9 July 2011

සංගා හැරෙන්නේ පොල් පැළය කන්නද?



"උඹ හැරෙන කොට මට කියන්න පුළුවන් මොකාටද එන්න හදන්නේ කියල" මේ මා කුඩා කල බොහෝ වතාවක් ඇසූ කතාවකි.කුඩා කල මා සිතා සිටියේ මේ නම් වැඩිහිටියෝ තමන්ගේ පොරත්වය විදහා දැක්වීමට එකල කිරිසප්පයකු වූ මට දැමු පොර ටෝකක් කියාය.මා කරන්නට යන දේ ඔවුන් දන්නේ කෙසේද?.. නමුත් වයසින් වැඩෙත්ම ජීවන අත්දැකීම් වැඩිවත්ම අද්යාපනය හරහා බුද්ධිය වැඩෙත්ම කුඩා කල වැඩිහිටියන් කියූ කතා පොර ටෝක්ම පමණක් නොවන බව මට වැටහිණි.මා හටද මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර ඔවුන්ගේ අභිමතාර්ථ පිලිබඳ පුර්ව නිගමනය කිරීමේ හැකියාව ලැබිණි.මෑතදී අපේ ක්රිකට් ක්රීඩකයකුගේ හැසිරීම නිරීක්ෂනයෙදී මා සිත තුල ඔහුගේ අනාගත අභිමතාර්ථ පිලිබඳ අදහස් උපදිමින් තිබේ..

සංගා ලෝඩ්ස් වලදී මාර ටෝකක් දී තිබේ.සංගා කියන්නේ ක්‍රිකට් දේශපාලනීකරණය වී ඇති බවයි.සංගා කියන හැටියට ලංකාවේ ක්රිකට් දුෂණ වලින් පිරිලාය.. ක්රීඩා ඇමති ක්රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අක්රමිකතාවලට අනුබල දේ.නමුත් සංගා අවංකය... ක්රිකට් වල සුබ සිද්ධිය සඳහා අවන්කවම පෙනී සිටයි... මේවා සංගාගේ වැල් බයිලාය.ලංකාවේ කොන්ඩෙ බැඳපු චීන්නුන්ට(ලංකාවේ ක්රිකට් ලෝලීන්) නම් මේවා ආතල් වනු ඇත.මටනම් පෙනෙන්නේ ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බවයි.

           සංගාගේ මේ හැසිරීමට සමාන හැසිරීම් පුද්ගලයන් කිහිප දෙනෙකු ප්රකට කරනු ලැබුණි.ක්රිකට් ක්රීඩකයන් අතින් ගත්කල අර්ජුන මෙවැනි හැසිරීමක් පල කරන ලදී.අවසානයේ ක්රිකට් වල ගැලවුම් කාරයා ලෙසින් පෙනී සිටි අර්ජුන ගමන අවසන් කලේ තුට්ටු දෙකේ දේශපාලනඥයකු බවට පත්වෙමිනි.රන්ජන්ද මෙවැනිම හැසිරීමක් පල කල ආකාරය මාහට මතකය.චන්ද්රිකා නැන්දාගේ කාලයේදී අරලිය ගහ මැදුරේ උත්සවයක කතාවක් පැවැත්වූ රන්ජන් බෑනා පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ට නෙළුවේ ඔහුගේම "වන් ෂොට්" චිත්රපටියේ දුෂ්ඨ දේශපාලඥ චරිතය නිරුපනය කළ "විල්සන් කරුට" නෙළන්නා මෙනි.රන්ජන්ගේ ගමනද දේශපාලන වේදිකාවෙන් අවසන් විය.. මේ අනුව අපේ අයියලා වීරයාගේ චරිතයට අඳින්නේ කුමකටදැයි ඉතා පැහැදිලිය..

ලංකාවේ දුෂණ සිදුවන බව සැවොම දනී.ක්රිකට් වලටද එය පොදුය.ලංකාවේ පමණක් නොව තුන්වන ලෝකයේ සෑම රටකටම මෙය පොදුය.සංගා තියා සක්කරයාටවත් මේවා වෙනස් කල නොහැක. සංගා ක්රිකට් කණ්ඩායමේ අනික් උන් මෙන් නොව උගතෙකි. ලසිත් මාලිංගලා උපුල් තරංගලා කැලේ පැන ගඩා ගෙඩි කද්දී සංගා නීතිඥයකු වීමට දැනුම සොයා ගියේය.ලංකාවේ සිස්ටම් එක වෙනස් කිරීමට තමාට නොහැකි බව සංගා නොදන්නවා නොවිය හැකිය.මේ සියලු කරුණු සලකා බැලීමේදී එළඹිය හැකි අවසාන නිගමනය නම් සංගා හැරෙන්නේ දේශපාලන පොල් පැළය කෑමට බවයි..


17 comments:

  1. ඔබගේ උපකල්පනයේ වරදක් ඇතැයි කිසිවෙකුට කිව නොහැක . කෙසේ වුවත් මා නම් මේ මොහොතේදී සැලකිල්ලට ගන්නේ සංගාට එරෙහිව නැගෙන අසාධාරණ බලවේග පිලිබඳවය . තුන්වන ලෝකයේ රටවල දුෂනය තිබුනා කියා නිහඬව සිටීමට වඩා ඒ ගැන කථා කිරීම වඩා යහපත්ය , දූෂණය ඉහවහා ගොස් ඇති ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රිඩාවා ඒ නිසා හෝ දේශපාලනය නිසා මකබැවී යන බවක් පෙන්නට නැත . නමුත් ලංකාවේ අය සිදුවෙමින් පවතිනා බව පැහැදිලිය එනිසා දූෂනයෙන් දේශපාලනීකරනයෙන් පිරුණු පසු බිමක සාමාන්‍ය දේ ලෙස බැහැර කර නිකන් සිටිනවාට වඩා තමන්ගෙ ක්ෂෙත්‍රය පිලිබඳ එම තත්වය කථා කිරීමට සංගා ගත් තීරණය මා දකින්නෙ නම් සුභ දායකවය

    ReplyDelete
  2. මොතා මොට්ටයා බව යසට පෙන්වා දීල තිබේ

    ReplyDelete
  3. @බුවා
    දුෂණ වලට විරුද්ධ වීමට ක්‍රමයක්,කලාවක් තිබේ..සංගා මේ කර ඇත්තේ තම අනාගත දේශපාලන ගමනකට පාර කැපීම මිස
    වෙනත් කිසිවක් නොවේ යයි මගේ හැඟීමයි.

    -මොතා

    ReplyDelete
  4. ඔබ මේ යන්නෙ හිට්ස් නැමැති පොල්පැලයක් කෑමට බව ඕනැම ගොනෙකුට තේරෙන බව සිහි කරනු කැමැත්තෙමි. අධි බරැති දේශප්‍රේමී ඔටුන්න ගලවා, වෛවර්ණ පාට කන්නාඩිද ගලවා හරිහැටි බලන ඕනෑම අයෙකුට සංගාගේ කතාවට ඇඬන බව කිව යුතුය.

    ReplyDelete
  5. mu motha newei huttha

    ReplyDelete
  6. මොතාට අනුව මමත් කොණ්ඩේ බැඳපු චීනෙක්.. :) කොහොම නමුත් මටත් මොතා සංගාගේ හැසිරීමෙන් ගත් නිගමනය සම්බන්ධයෙන් කිසිදු වැරැද්දක් නොපෙනේ.. සංගා ක්‍රිකට් ගැසීම අතැර දේශපාලනයට එනවානම් එය පුදුම වීමට කාරණයක්ද නොවේ..
    නමුත්, මෝතාගේ අවසන් ඡේදය සමගනම් මට එකඟ වන්නට අසීරුය.. පළමුවෙන් දූෂන වංචා සිදු නොවන රටවල් ලෝකයේ තිබෙනවානම් ඉන් එකක් නම් කරන ලෙස මෝතාගෙන් ඉල්ලමි.. අපි තුන්වන ලෝකයේ රටක් බව ඇත්තය.. දූෂන වංචා අපමණය.. එය හැමෝම දන්නා බවත් ඇත්තය.. නමුත් ඒ දැක දැකත් නිහඬව සිටීමෙන් සිදුවන්නේ දූෂකයින් තව තවත් හොරාකෑමට අනුබල දීමක් නොවේද? දූෂන වංචා සක්කරයාටවත් නැවැත්විය නොහැකි විය හැක.. නමුත් ඒවා අවම කිරීමට අඩු තරමින් වංචා කිරීමට පළමුව දෙවරක් සිතන්නට පෙළඹවීමක් ඒවාට විරුද්ධ වීමෙන් සිදු නොවේවිද?

    ReplyDelete
  7. @Pissu Man
    ආකර්ශනීය අදහස් දැක්වීමක්.බොහොම ස්තුතියි..

    -මොතා

    ReplyDelete
  8. @පුතා

    සර්ව සම්පුර්ණ කිසිවක්/කිසිවෙක් මෙලොව නැත..නමුත් ඕස්ට්රේලියාව, එංගලන්තය , ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල දුෂණ අක්රමිකතා සිදුවන්නේ ඉතා සුළු වශයෙනි.තුන්වෙනි ලෝකයේ රටවලට සාපේක්ෂව මේවා නොසැලකිය හැකි තරම් කුඩාය.එමනිසා එවැනි රටවල දුෂණ අක්රමිකතා නැතැයි කිසිවෙක් කියන්නේ නම් එහි වරදක්ද නැත.
    දුෂණ වංචා වලට විරුද්ධ වීම වරදක් ලෙස මා කියා නැත. මා කියා ඇත්තේ සංගාට එවැනි අවංක සිතුවිල්ලක් නැති බවය.නමුත් තවත් දෙයක් කිව යුතුය. සංගා තියා සක්කරයා විරුද්ධ උවත් තුන්වන ලෝකයේ රටක්ව පවතින තුරු ලංකාවෙන් දුෂණ වංචා තුරන් කල නොහැක..

    -මොතා

    ReplyDelete
  9. ඇත්තටම කිව්වොත් සංගා හැරෙන්නේ පොල් පැලය කන්න තමයි.ලංකාවේ ගොඩක් අයට සාමන්යෙන් හැරෙද්දි තේරුම් ගන්න අමරුයි.හැරිලා පොල් පැලේටත් වැඩේ දුන්නාට පස්සේ තමයි තේරෙන්න ගන්නේ.
    දැන් මෙයා වීරයා නේ.. සියලු දූෂණ හෙලි කරේ මෙයා නේ.මීට කලින් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නැහැනේ මේ පාලක මණ්ඩලය මෙහෙමයි කියලා.මෙයා කියනකම්..
    96න් පස්සේ ක්‍රිකට් ඉවර උනා තමයි.එතකොට ඊට පස්සේ ආපු ක්‍රීඩකයො මේකට කිසිම සම්බන්දයක් නැද්ද?
    සල්ලි පස්සෙ දිව්වෙ නිළදාරින් විතරද?
    ඉන්දියාවේ ක්‍රිකට් දියුනු කරන එක පමණක් නොවෙයි අපි වගේ රටවල් වල ක්‍රිකට් නැති කිරීමටහ් යොදාගන්නා IPL එකට සල්ලි වලට උඩ දාගෙන ගියේ අපිද?
    එක වතාවක් ආපු සන්චාරයක් එහෙම පිටින්ම කැන්සල් කරල සහ මේ වතාවේ එංගලන්ත සංචාරය ඔන්න මෙන්න තියලා සල්ලිවලට IPL ගහන්න ගියේ මෙයාලා නෙවේද?
    වෙන කවුරු හරිද?
    කොන්ද පණ නැති උනත් එක වෙලාවක පාලක මන්ඩලය මෙයාලට මැයි 5 වෙනිදා වෙනකොට එන්න කිව්වෙ නැද්ද? ඒ වෙලාවෙ මේ වීරයෝ මොකද කරේ? ආවද? නැත්නම් එහෙට වෙලා ඉඳගෙන ඉන්දියාව ඇවිස්සුවාද?
    අනිවාර්යෙන්ම මෙයා හැරෙන්නෙ පොල් පැලයක් කන්න තමයි.හැබැයි කොහොම පැලයක්ද කියල තවම නම් තීන්දු කරන්න අමාරුයි..
    මේකත් බලන්න..
    http://asampoorna.blogspot.com/2011/06/blog-post_23.html

    ReplyDelete
  10. "ලංකාවේ දුෂණ සිදුවන බව සැවොම දනී.ක්‍රිකට් වලටද එය පොදුය.ලංකාවේ පමණක් නොව තුන්වන ලෝකයේ සෑම රටකටම මෙය පොදුය.සංගා තියා සක්කරයාටවත් මේවා වෙනස් කල නොහැක. "
    "ලංකාවේ සිස්ටම් එක වෙනස් කිරීමට තමාට නොහැකි බව සංගා නොදන්නවා නොවිය හැකිය."
    එතකොට ලංකාවේ සිස්ටම් එක වෙනස් කොරන්ට කාටවත් බැයිද මල්ලි බබෝ?
    වෙරි ඩිස්පොයින්ටඩ්.

    ReplyDelete
  11. @Dinuka
    ඔබ මතු කල ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සංගව ඔලුවේ තියන් ඉන්න අයට පුළුවන් කමක් නැහැ.ක්‍රිකට් තියෙන්න බලල සතුටක් ලබන්න මිසක් ක්‍රීඩකයන්ව කර උඩ තියන් යන්න නෙවෙයි.ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ බහුතරයක් මානසික රෝගියෝ විදිහටයි මටනම් පේන්නෙ.

    -මොතා

    ReplyDelete
  12. " ලංකාවේ දුෂණ සිදුවන බව සැවොම දනී.ක්‍රිකට් වලටද එය පොදුය.ලංකාවේ පමණක් නොව තුන්වන ලෝකයේ සෑම රටකටම මෙය පොදුය.සංගා තියා සක්කරයාටවත් මේවා වෙනස් කල නොහැක."

    වෙනස්කරන්න බෑ බෑ කිය කිය ඉඳපල්ලා.. කරන්න හදන මිනිහාට ගහපල්ලා.. ගස් ගල් වලට වැඳ වැඳ හිටපු මිනිස්සු බුදු හාමුදුරුවෝ ආවම කිව්වේත් ඔහොමම තමයි..

    සංගා බුදුන් නෙවෙයි නේ, ඌට ඕවා වෙනස් කරන්න බැරි වෙයි. බැරි උනාට කමක් නෑ ඌ කරන දේට උදව් දීපල්ල ඒක හරිනං.. එතකොට පස්සේ කාලෙක එන එකෙක්ට හරි ඒක කරන්න පුළුවන්.

    ReplyDelete
  13. @kassa , sameerausa
    ඇත්ත තිත්තය...
    දේශපාලන නායකයන් බිහිවන්නේ ජනතාව අතරිනි.පැරචුට් වලින් අහසේ සිට බිමට පතිත වන්නේ නැත.ජනතාව අතරින් බිහිවන නායකයන් ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරයි.ලංකාවේ ජනතාවට මේ සිස්ටම් එක වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැත.ඒ නිසා මේ සිස්ටම් එක වෙනස් කල නොහැක.පිටරටවල සිට ලංකාව ගැන සිහින දකින්නන්ට මෙය තේරුම් ගත නොහැක.
    @kassa
    Yeah its truly disappointing. But theres nothing anyone can do. Thats the reality.

    -මොතා

    ReplyDelete
  14. කිරිඩා කෙරාපු උං, රගපාපු උං, සිංදු කියපු උං, බණ කියපු උං, ........උං, දේසපාලනේට යනව.

    දේසපාලනේ කොරව්ව උං කිරිඩාවටයි, රගපාංටයි, සිංදු කියංටයි, බණ කියංටයි, .........යි යනව.

    ආයිබොවංට මොළේ තියෙද්දිං බලේ නෑ. බලේ තියෙද්දිං මොළේ නෑ.

    ReplyDelete
  15. oya maraine.. oya kiyana widihata dushana wancha thibunath api wala kaapu rilawu wage inna one mokada, ewa apita wenas karann beri hinda..
    "ලංකාවේ දුෂණ සිදුවන බව සැවොම දනී.ක්‍රිකට් වලටද එය පොදුය.ලංකාවේ පමණක් නොව තුන්වන ලෝකයේ සෑම රටකටම මෙය පොදුය.සංගා තියා සක්කරයාටවත් මේවා වෙනස් කල නොහැක."

    oya meka liyanna nasthi karapu kale gana dukai, samahara maadya udawiya sangage speech eka wikunagena kanawa, e aya mulinma sangata dos thibba captain wela innakota kiyannathuwa, dan kiyanawa kiyala.. dan kiwwahama kiyanawa, suddo issaraha pora wenna deepu pora talk ekak wage hangenawa kiyala (daily mirror editorial).. itin aththatama meh aya gana dukai.. oba ganath dukai.. dannawada danne naha, sanga captaincy eken ayin wenna haduwe WC ekata maasa 3ta kalin deshapalana angili gaseem ekka cricket team ekaka captain wela inna amarui kiyala, epa kiyala gihin request kare SLC eken.. mokada e weddi team eka ganna kenek hitiye na.. itin sanga ehema case tiyeddith captaincy eka aran wada kara.. IPL ekata players lawa denne SLC eka haraha, SLC ekata eken gaanakuth set wenawa.. sangage winadi 60 speech eken oya kathakaranne miniththu 8k withara kiyapu dewal gana.. meeta passe liyaddi poddak mole pawicchi karala liyanna malli, obata jaya.. mekath innagaman kiyawanna watinawa http://thepapare.com/index.php/features/560-kumar-sangakkara-the-world-sees-him-in-fulltechnicolour

    ReplyDelete
  16. අන්තිමට ඇත්ත කතා කරන කවුරුත් සිස්ටම් එක විසින් බාගන්න අවස්ථා වැඩි බව ඇත්ත.
    ඒත් මේ සිස්ටම් එක සක්‍රයාටවත් වෙනස් කරන්න බෑ කියල හිතුවොත්නම් හැමදාම මේක පවතියි. ඒ වගේම ඔබ කියන අද දූෂණයන් අවම වෙලා තියෙන රටවල්ද අතීතයේ හිටියෙ අපි අද ඉන්න තැන තමයි. ඒවා නැති කරන්න වෙහෙසුණු මිනිස්සු නිසා තමයි අද ඒ රටවල් මේ තත්වයට ඇවිත් ඉන්නෙ. සක්කරයටවත් බෑ කියල හිටියනම් උනුත් අද ජරා ගොඩේ ලැගල ඉන්නව.
    ගොඩක් අය ඒවට කතා කරද්දි හුදෙකලා වීම නිසා තමයි සිස්ටම් එකට ඔවුන්ව බාගන්න හැකියාව ලැබෙන්නෙ. ඉතින් වැඩි දෙනෙක් එකතු වෙලා කතා කරන මිනිහව හුදෙකලා නොකරනවනම් තත්වය වෙනස් වෙයි. එක දවසකින් නෙවෙයි. පාවා දීම්, පරාජය වීම් ඉවසන්න වෙයි.

    ReplyDelete
  17. @Eshana R
    ලින්ක් එකට බොහොම ස්තුතියි.


    @Anonymous
    Sangas ship has already headed the dark ocean of politics. So sit back relax and watch his journey.

    @``` Outsider```
    ධනාත්මක චින්තනය ගැන ලිපියක් පල කරන්න ඉන්නේ.දිගටම සම්බන්ද වෙලා ඉන්නකෝ..

    -මොතා

    ReplyDelete