Monday 4 July 2011

ආයුර්වේදය සහ මානසික රෝගී බ්ලොග්කරුවෝ...



                          මේ වෙලාවේ ලිපියක් ලියන්න අදහසකින් හිටියේ නැති උනත් හදිසියෙන් බ්ලොග් අවකාශයෙන්ම දකින්න ලැබුණු "ලිපියක්" නිසා කෙටියෙන් උනත් අදහස් පලකරන්න හිතුනා.මේ තියෙන්නේ ඔය කියපු ලිපිය.අදාළ ලිපියෙන් කියවෙන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී ඉන්න පුද්ගලයෙක් පළකරපු අදහසක් පිළිබඳව.
                            අදාල ආයුර්වේද වෛද්‍යවරයා නොහොත් ගොඩ වෙදා බ්ලොග් අවකාශයේ තරමක ප්‍රසිද්ධ චරිතයක්. බටහිර නොවන වෙනත් ප්‍රතිකාර ක්‍රම කරන්නන්ට වෛද්‍ය වරයෙකු යයි කීම පිළිබඳව පුද්ගලිකව මා තුල පැහැදීමක් නැහැ.බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හැර වෙනත් කිසිම ප්‍රතිකාර ක්‍රමයකින් සාර්ථකව රෝග සුවකළ හැකි බවට පිළිගත නොහැකියි.බොහෝවිට ආයුර්වේදයෙන් සිදුවන්නේ රෝග සුවවන බවට රෝගියාගේ සිතේ ඇතිකරන මානසික වෙනසක් මගින් රෝගය යටපත් කිරීමයි.පෙරකී වෛද්‍යවරයෙකු ලෙසින් පෙනී සිටි පුද්ගලයා පල කල අදහස වන්නේ ලිංගික එක්වීමකට ප්‍රථම බෞද්ධ ආගමික වතාවත් වල යෙදිය යුතු බවයි. මා දන්නා තරමින් බුදු දහම ලිංගික සබඳතා වලට අනිබල දීමක් සිදු නොකරයි. බුදු දහමින් කියවෙන්නේ ආශාවන් ප්‍රහීන කිරීම පිලිබඳවය.ලංකාවේ බහුතරයක් බෞද්ධයන් නිසා ඔවුන්ව රැවටීමේ පහසුම ක්‍රමය බුදු දහම තම කාර්යන් සඳහා බාවිත කිරීම බව මෙම පුද්ගලයන් දනී.ආයුර්වේද වෙදුන් පමණක් නොව කේන්දර කාරයන්ද කරන්නේ මෙයයි.දේශපාලනඥයන්ද සිදුකරන්නේ මෙය උවත් මෙම ලිපියට මුල්වන්නේ බ්ලොග් අවකාශ සම්බන්ද කාරණා බැවින් දේශපාලනඥයන් ලිපියට අදාළ කර නොගනිමි.
                             පුදුමයට කාරණය වන්නේ බුදුදහමට නිගා කරන වෙදුන්, කේන්දර කාරයන් බ්ලොග් අවකාශයේ සැරි සැරුවත් ඔවුන්ට විරුද්ධව බ්ලොග් අවකාශයේ බෞද්ධ වීරයන් සේ පෙනී සිටින පුද්ගලයන් වචනයකින් හෝ විරුද්ධත්වයක් නොදැක්වීමයි.එයට හේතුව ලෙස මා දකින්නේ බ්ලොග් කරුවන් අතර ඇතිවන virtual හිතවත් කමයි.බ්ලොග් කරුවන් බොහෝවිට එකිනෙකාගේ බ්ලොග් ලිපි සඳහා කමෙන්ටු පළකරයි.කිසිඳු ප්‍රයෝජනවත් අදහසක් පලකිරීමට නැතත් හිතවත් කමක් ඇති කරගැනීමටත් ජනප්‍රියතාවය වැඩි කර ගැනීමටත් මෙය සිදුකරයි.හොඳම උදාහරණය මාරයාගේ හෝරාව බ්ලොග් අඩවියයි.මාරයා ලිපියක් පලකල සැනින් අසුචි ගොඩට නීල මැස්සන් රොක් වන්නාසේ සියලු දෙන ඔහු වටා රොක්වේ.මාරයා පලකරන අදහස් කෙතරම් දුරට නිවැරදිද යන්න පවා සලකා බැලීමට ඔවුන්ට උවමනාවක් නැත.බ්ලොග් අවකාශයේ කව්රුන් හෝ ලිපියකට කමෙන්ටුවක් පල කල පමණින් හෝ අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ කිවූ පමණින් එම පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු යයි පූර්ව නිගමනයකට ඒම අනුවණ ක්‍රියාවකි.
                             එමනිසා හිතවත් කම් පසකින් තබා, බ්ලොග් කරුවන් පලකරන අදහස් කෙතරම් නිවැරදිද යන්න සිතා බලා, නොබියව තම අදහස් පල කිරීමට නියම බ්ලොග් කරුවකුට කශේරුකාවක් තිබිය යුතුය.

6 comments:

  1. කතාව සහතික ඇත්ත. නමුත් මම නම් හිතන්නේ මාරේ අයියා ඔය කියන සාර්ථකත්වය ගන්න ලොකු කාළයක් මහන්සි උනා. ඒ කාළය තුලදි ගොඩක් අයට කමෙන්ට් කරන්නත් ඒ අයගේ ලිපි කියවන්නත් යොමු වෙලා තියෙනවා.

    ReplyDelete
  2. මාරයියට මම මුකුත වරදක් කියල නැහැ ලිපියෙන්...

    -මොතා

    ReplyDelete
  3. උඹට නම් ඒ කශේරුකාව තියන බව පේනවා , මේ බුදුන් වැදල වැඩෙ කරන කුප්ප කථාවට විරුද්ධ වීම ගැන නම් මමත් එකඟයි , හැබැයි පුතෝ නට පොඩි ප්‍රශ්නයක් තිය්නව . ඔහේ අද මගෙ ලිපියකට කමෙන්ට් කරල කියල තියනව]

    "බටහිර ගැත්තන්ට සෑම විටම පෙනෙන්නේ අපේ වැරදිමය" කියල එතකොට බටහිර ඇර වෙනත් වෛද්‍ය ක්‍රමයකින් ලෙඩ හොඳ වෙන්නෙ නැ කියල .උඹ කරන්නෙත් මම කරන දේමනේ

    ReplyDelete
  4. බටහිර ගැති නොවීම යනු බටහිරට නෙලා දේශීය සියල්ල බදා ගැනීම නොවේ. මධ්‍යස්තව දකින්නෙකුට කෝකත් එකය. නෙලන්නට ඕන යයි හැඟෙන දේට නෙලා ඉඹින්නට හිතෙන ඕනෑම දෙයක් ඉඹිය හැක..

    -මොතා

    ReplyDelete
  5. එසේනම් අදාල ක්ශේත්‍රයේ ප්‍රවීනයන් වූ FBI ගැන කථා කිරීම ද ඉඹින්න හිතෙනදේ ඉඹීමක් බව තේරුම් ගත යුතුය

    ReplyDelete
  6. බ්ලොග් අවකාශේ පිට කසා ගැනීම් නොවෙනවා කියලා කියන්න බෑ . . ඇත්තෙන්ම සිදු වෙනවා . .

    ඒත් කෙනෙක්ගේ මතයක් නිවරදිව විවේචනය කරන්න නම් තමන්ට ඒ පිලිබඳ නිවරදි දැක්මක් තිබිය යුතු වෙනවා නොවේද?

    සමහර විට කෙනෙක්ට එහෙම අදහසක් නැති උනාම ඒ කියන දේ වැරදියි කියලා කෙලින් කියන්න බැරි වෙනවා වෙන්න පුලුවන්.

    උදාහරණයක් ලෙසට අර වෙද මහතා ලියූ මඳසරු භාවයට හිරට යට ඇඳුම් ඇඳීම, වෘෂන කෝශ වල උශ්ණයත්වයේ බලපෑම වගේ දේවල් කියලා ඒක වලක්ව ගන්න පුලුවන් එක ක්‍රමයක් ලෙසට මුත්‍රා කරන වාරයක් ගානේ වෘෂන කෝෂ සීතල වතුරෙන් තෙමන්න කියපු එක වගේ දේවල් අපි අහල තියෙන බටහිර විද්‍යාවේ නැති (නැති නෙමෙයි තියෙනවදැයි මම නොදන්නා) අතුරු ආබාද ඇති නොවේ කියල අපිටම හිතෙන ලෙහෙසියෙන් කරන්න ඇහැකි ප්‍රතිකාර.

    ඉතින් ඒ වගේ දේකදි එහෙම දෙයක් කිව්වට ස්තූතියි කියලා කට පුරා කියන්න පුලුවන් උනාට සංසර්ගයට කලින් ආගම සිහි කරන්න කියපු එක වැරදියි කියලා චෝදනා කරන්න බැරි වෙන්න පුලුවන්. අපි හිතමු ඔබ ගැන ඔබ ඒ ක්‍රමේ අත්හදා බලලා ඒ ක්‍රමේට කරන්න ගිහින් තිබුනු ලිංගික උත්තේජනයත් නැති උනා වගේ දෙයක් උනා නම් සදාචාරාත්මක අයිතියක් තියෙනවා මොනවද ඕයි මේ බොරු උපදෙස් දෙන්නේ කියන්න . ..

    ම් ම් ම් දීර්ඝව සකච්චා කල යුතු මාතෘකාවක් වගේ . .

    හැබැයි කරන්න ගියොත් කිකිලිද බිත්තරේද වගේ එකක් වෙන නිසා අනෙක් අය බනින් නොබනින එක ගැන කතා නොකර තමන්ට හරියි කියල හිතෙන දේ කමෙන්ට් කරන එකෙක්ද නැත්ද අනාගතේ මුගෙන් කමෙන්ට් එකක් එයිද නො එයිද නොසිතා කෙලින් කියන්න . .

    මුලින් මම හැදෙමු . . පසුව අනුන් හදමු . .

    ඒ විදිහට ගියොත් පිට කසාගැනීමේ ක්‍රමය නැතුව අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඉබේ හැදෙයි . .

    ජය වේවා

    ReplyDelete