Wednesday 29 June 2011

මොතාගමනය.

            මෙච්චර කාලයක් බ්ලොග් පාටකයෙක් වෙලා හිටපු මොතාටත් බ්ලොග් පඩන්ගුවක් අටවාගෙන ලියන්න කියල ලොකු ආසාවක් තිබුනේ.ඔන්න අද තමයි වැඩේට අත ගැහුවේ.බොහොම දේවල් ලියන්න හිතාගෙන ඉන්නේ.මේ දවස් වල ගිනි රස්නෙත් එක්ක හැබැයි ලියන්න අමාරුයි.අදහස් ගලාගෙන එන්නේ නැහැ.බොහොම අමාරුවෙන් තමයි බ්ලොගය පටන් ගන්න අවශ් මුලික කටයුතු ටික කරගත්තෙත්. හැබැයි මොතත් වැඩක් ලේසියෙන් අත අරින්නේ නැති නිසාම ගිනිරස්නෙත් එක්කම වැඩේට අත ගැහුවා.

සිංහල භාෂාවෙන් ලියන්න පටන් ගත්තු පලවෙනි වතාව උනත් මීට ගොඩ කාලෙකට කලින් ඉංග්රීසි භාෂාවෙන් බ්ලොගයක් ලිව්වා. ඉංග්රීසි භාෂාවෙන් ලියද්දි පාටකයන් අල්ලගන්න අමාරුයි. එක නිසා දැන් සිංහලෙන්ම වැඩේට බැස්සා.

ඕං එහෙනම් නමෝ විත්තියෙන් කට්ටියම සෙට් උනානම් මොතාගෙන් ආතල් ගන්න..

3 comments:

  1. එහෙනම් ඉතින් ලියන්න පටන් ගන්න මල්ලි. අපි අනිවාර්යෙන්ම කියවන්න එනවා. කඩ්ඩෙන් ලියනවාට වඩා සිංහලෙන් ලියන එක හොදා.

    මල්ලිගේ ඉදිරි බ්ලොග් ගමනට මගෙන් සුබ පැතුම් !!!!

    ReplyDelete
  2. මාත් උඹ වගේම අළුත් (උඹනම් ඉතින් අළුත්මත් නෑ නෙව) කොළුවෝ...
    ලියපන් බලන්න මක්ක හරි.. මේ මාත් ඉන්නව කියවන්න.

    ReplyDelete
  3. - මොතා30 June 2011 at 06:12

    මධුරංගවනම් දන්නවනේ ඉතින්..දෙන්නවම ආදරයෙන් පිලිගන්නවා.
    පෙරහැර පටන් ගත්තු ගමන් නැට්ටුවෝ එවන්න හොඳ නැහැනේ.. ඒක නිසා හිමින් සැරේ කසකාරයො ටික එවල ඉන්නම්කො..

    - මොතා

    ReplyDelete